.net වලට අයනු ආයනු කීම සහ gmail භාවිතා කොට C# වලින් මේල් යැවීම

ඕන් ඉතින් කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවා. මේ ඉසව්වෙ එන්නෙ නැතිව මාසෙකටත් වැඩී මම හිතන්නේ. මේ දොහේ තිබුන වැඩ රාජකාරි ගැනනම් ඉතින් කතා කොරල වැඩක් නෑ. මෙච්චර කාලයක්  Java , PHP කොර කොර හිටපු මට .net ත් කොරන්ට වුනා නොවැ. අලුත් වෙබ් සයිට් එකක් නොවැ කොරේ. ඩොමේන් එකකුත් අරන් තියෙන්නෙ. ඒකත් .lk එකක්. :) වැඩේ ඉවරවුනාම ඒක ගැන කියන්නම්කො. .net වලට අයනු ආයනු කියපු හින්ද C# වලින් ඊ මේල් පණිවුඩයක් යවන්නේ කොහොමද කියල තමයි අද කෙරුවාවෙන් ලියන්ට හදන්නේ.

තමන් ලියපු වැඩසටහනකින් ඊ මේල් එකක් යවන්ටනම් ඉතින් smtp මේල් සර්වරයක් තමන්ගේ පරිගනකය තුල තියෙන්ට ඕනි. නොමිලේ ලබාදෙන smtp සර්වර් තිබෙනව. තමන්ගේ පරිගනකය තුල smtp සර්වර් එකක් ස්ථාපනය කොරන්නෙ නැතිව මේල් එකක් යවන්න බැරිද? මොකද බැරි. ගූගල් smtp සර්වර් තියෙන්නෙ. පහල තියෙන කෝඩ් කෑල්ල බලන්ටකො එහෙනම්.



ඕකෙ username, password විදියට තමන්ගේ gmail user id එකයි password එකයි දෙන්ට ඕනි. ඒ දීල method එකට අදාල parameters ටික pass කොරන්ට විතරයි තියෙන්නේ.  ඊ මේල් බොඩි එකේ html ටැග් එහෙම දාන්ට ඕනිනම්  mail.isBodyHtml=true;  කියන කෑල්ලත් එක්කහු කොරගන්ට.  වෘතීය මට්ටමෙන් කෝඩ් කොරනකොටනම් ඉතින් මේක හරියන්නේ නෑ හොදේ. එතකොටනම් ඉතින් smtp සර්වර් එකක් පාවිච්චි කොරන්ට වෙනව.

ආ 19 බ්ලොග්කරුවන්ගේ හමුවීම තියෙනව නේද? කට්ටිය දැන් මඟ බලාගෙන ඇත්තෙ නේද? මමත් එන්ට තමයි හිතාන ඉන්නෙ. හැබැයි ඉතින් ඔය එක්සෙල් ලෝකේ අපිට පෑහේද මන්දා.. හික් හික්..එහෙනම් ආයුබෝවන්ට කිව්ව..

චිත්තරපටි බැලීමට, බෑමට ඇබ්බැහි වෙච්ච උදවියට පමණයි !

බාන්ට පුළුවන් අන්තර්ජාල සම්බන්දතාවයක් පාවිච්චි කොරන ඕනිම කෙනෙක් මේ ජීවිත කාලය තුලදි අඩුමගානෙ එක චිත්තරපටියක් හරි බාල ඇති නේද?? හැබැයි මම දන්න කිහිප දෙනෙක්ම ඉන්නව ජීවිතේටවත් චිත්තරපටියක් බාන්නෙ නැති. හික් හික්. අපරාදෙ අර පැකේජ් එකට හම්බවෙන දත්ත ප්‍රමානය. එව්වයින් වැඩක් නෑ. මම කියන්ට ආපු දේ කියන්නම්කො.

බහුතරය චිත්තරපටි බාන්නෙත් ඉතින් ටොරෙන්ට් වලින් කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. BRRip, BDRip වගේ දෙයක් දැකල තියෙනවද DVDRip වෙනුවට. දැන් ගොඩක් දෙනා HD කොලිටි XviD චිත්තරපටි ලබාදෙන්ට ඔය දෙජාතියම භාවිතා කොරනව නොවැ. හොදම දේ තමයි මේ BR එහෙමත් නැත්නම් Blue Ray Rip චිත්තරපටිත් DivX/XviD සහය දක්වන ඕනෑම DVD යන්තරයකින් වගේම, XBOX 360, PS3 වගේ එව්වගෙනුත් බලන්ට පුළුවන්.

BDRip සහ DVD යන දෙක සන්සන්දනය කරොත් ඉතින් කියන්ට තියෙන්නෙ හොද BDRip තමා කියන එක. මොකද කියනවනම් සාමාන්‍ය DVD භාවිතා කොරන්නේ 720*480 රෙසලූෂන් එකක් වීමත් BDRip 1080ප් රෙසලූෂන් එකක් අපට ලබාදීමත් නිසා. තමුන්නාන්සෙලාට ඇත්තම කියන්ට මමත් මේවා ගැන වැඩිය දන්නෙ නෑ. මම මේ දෙජාතිය ගැන අන්තර්ජාලේ පොඩ්ඩක් සෙවුමක් දාලා බලනකොට මට තේරුනු කරුණු ටිකක් තමයි ලියන්නෙ. තව ගොඩක් දෙවල් තියෙනවා මේවා ගැන. මටනම් එව්වා තේරෙන්නේ නෑ කොලුවනෙ. හැබයි අදින් පස්සේ බාන්නේනම් ඉතින් BDRip තමා. වැඩි විස්තර දැනගන්ට කැමති උදවිය අන්තර්ජාලේ සෙවුම් පාරක් දම්මොත් හොදා. කෝකටත් කියල අන්තර්ජාලේ තිබිච්ච රූප දෙකකුත් දාන්ට කල්පන කොරා මම. එහෙනම් ඉතින් ආයුබෝවන්ට කිව්ව.



 

මේ ගැනත් පොඩ්ඩක් සලකලා බලන්ට...සියදෝරිස්ලා දෙන්නෙක්...

මට මේ පොඩි දෙයක් කියන්ට තියෙනව. කෙනෙක්ගේ පොඩි ඔත්තුවකට අනුව අද මට ඇහැ ගැටුනු දෙයක් තමයි තවත් සියදෝරිස් කෙනෙක් මේකෙ ඉන්නව කියල. ඒ කියන්නෙ සමහර බ්ලොග් ලිපිවල සියදොරිස් සීයා කියල කෙනෙක් කොමෙන්ට් එහෙම දාලා ඇති. ඒ මම නෙවෙයි කියල කරුණාවෙන් සලකන්ට. මම නිකන් සියදෝරිස්. සියදොරිස් සීයා කියලා කොමෙන්ට් එහෙම දාන්නේ වෙන කෙනෙක් කියල කියන්ට ඕනි හින්දයි තකහනියේ මේක ලිව්වෙ.

මේ ලිපි දිහා බැලුවොත් "සියදෝරිස් සීයාව" දැකගන්ට පුළුවන්..

Robin of Sherwood එකේ සෙට් එක හම්බවෙන්ට යමුද ??


මුලින්ම කියන්ට ඕනි මේක ඉරුදින එක්ස්ප්‍රස් වල පලවෙච්ච ලිපියක් උපුටාගෙන මගේ වගේ ලියන එකක් කියල. හික් හික්. ලංකාවේ නෙවෙයි ලොකේ කොහේ ඉන්න කෙනෙකුටවුනත් රොබින් හුඩ් ගැන හදුන්වාදීම් කොරන්ට ඕනි නෑ නොවැ. දැන් ආයෙත් රොබින් හුඩ් ගැන කතාවෙන්ට පටන් අරන් තියෙන්නෙ ජාතික රූපවාහිනියෙ විකාශය කොරන අලුත් රොබින් එක්ක.  ඒත් ඉතින් කාගෙත් අදහස මේ අලුත් රොබින් හුඩ්, පරණ එක ලඟින්වත් තියන්ට බෑ කියලයි.

එතෙක් මෙතෙක් ලොව බිහිවෙච්ච හොදම රූපවාහිනී මාලා නාටකයක් විදියට බොහෝ විචාරකයන් හා ප්‍රේක්ෂකයන් සලකන මේ රොබින් ඔෆ් ෂර්වුඩ් නිෂ්පාදනය කොරල තියෙන්නෙ එච්.ටී.වී සහ ගෝල්ඩ්ක්‍රෙස්ට් කියන සමාගම් දෙක. මේක මුලින්ම විකාෂනය කොරල තියෙන්නෙ 1984-1986 කාලෙ. මේකෙ තිර රචකයා වෙන්නෙ රිචර්ඩ් කාපෙන්ටර්. මේ කතා මාලවේ විවිධ අදියරවන්වල ඒකෙ අධ්‍යක්ෂකවරයා වෙනස් වෙච්ච විත්තිය බොහෝ දෙනා දන්නේ නැතිව ඇති මම හිතන්නේ. එහෙම වෙන්ට හේතුව තමාගේ නිර්මාණය වඩාත් විවිධත්වයකින් හමාර කොරන්ට රිචර්ඩ් කාපෙන්ටර් මහත්තයට තිබ්බ උවමනාව. ඇලෙක්ස් කර්බ්, ජේම්ස් ඇලන්, ගෙරී මිල්, බෙන් බෝල්ට්, ඩෙනිස් ඇබේ කියන උදවිය මේකෙ අධ්‍යක්ෂකවරු විදියට වැඩ කොරල තියෙන එක්කම වැඩිම කාලයක් මේකේ අධ්‍යක්ෂක තනතුර දරල තියෙන්නෙ ලෑන්ෂෝප් කියන මහත්තය. රොබින් හුඩ් කතා මාලාවේ කොටස් 24 න් වඩාත්ම ජනප්‍රිය කතාංගය වන්නේ "ද ස්වෝඩ්ස් ඔෆ් වේලන්ඩ්" (වේලන්ඩ් හි අසිපත්) කියල තමයි කියන්නෙ.

ඇත්තටම මගේ මේ කෙරුවාවෙ මූලික පරමාර්ථය මේකෙ රඟපාපු කට්ටිය දැන් කොහෙද, කින්ද මන්ද කොරන්නේ කියල පොඩ්ඩක් කියන එකයි. මේකෙ පලවෙනි රොබින් ඒ කිව්වෙ ලොක්ස්ලිහි රොබින් කියන චරිතයට පණ දීලා තියෙන්නෙ මයිකල් ප්‍රේඩ්. මිනිහ බ්‍රිතාන්‍යයේ අති දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙක්ලු. මෙයාගෙ පලවෙනි රංඟනය රොබින් ඔෆ් ෂර්වුඩ් වගේම ඊට පස්සෙ ඩයිනාස්ට් කියල ඉතා ප්‍රසිද්ධ වෙච්ච කතා මාලාවක රඟපෑවලු. මිනිහට රොබින් චරිතයෙන් අයින් වෙන්න වෙලා තියෙන්නෙත් ඔය ඩයිනාස්ට් කියන නාට්‍ය මාලාව හින්දලු.රූපවාහිනී මාලා නාටක අටක, ජනප්‍රියතම වේදිකා නාට්‍ය විස්සක සහ බයිස්කෝප් හතකත් මේ නළුව රඟපාලා තියෙනවලු. රොබින් හුඩ් එකේනම් නළු බට්ට වගේ හිටියට දැන් මිනිහට වයස 49 වගේම දැන් බීබීසී රූපවාහිනී නාලිකාවේ නිත්‍ය පසුබිම් කථකයෙක් විදියට වැඩ කරනව කියන්නෙ.